Friday, January 2, 2026

Fact Check

විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂගේ නිවසට හිඟ මුදල් ගෙවීමට නොහැකි වීම නිසා ජල සැපයුම අත්හිටවූවා ද?

banner_image

වාර්තාව: විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට හිඟ මුදල් ගෙවීමට නොහැකි වීම නිසා ජල සැපයුම අත්හිටුවා ඇත.

කරුණ: විජේරාම මාවතේ පිහිටි රාජපක්ෂගේ නිල නිවසට ජල සැපයුම අත්හිටවූ බවට මාධ්‍යවල වාර්තා වූ පුවත සත්‍ය නොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තහවුරු කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය මුදල් අනවශ්‍ය ලෙස භාවිතා කිරීම, වැඩි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාවක් යොදා ගැනීම පිළිබඳ චෝදනා සමග, ඔහුගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවස සම්බන්ධයෙන් ද විවිධ මතභේද පැතිරෙමින් පවතී.

මේ සමග, සමාජ මාධ්‍යවල එක් වාර්තාවක් වයිරල් වෙමින් පවතින අතර, එය රුපියල් 300,000 ක හිඟ ගෙවීමක් හේතුවෙන් විජේරාම මාවතේ පිහිටි රාජපක්ෂගේ නිවසේ ජල කප්පාදුවක් කර ඇති බව සඳහන් කරයි. 

මහින්ද රාජපක්ෂ නිවසට ජල සැපයුම
Screenshot from X post by Ada Derana
මහින්ද රාජපක්ෂ නිවසට ජල සැපයුම
Screenshot of X posts by NewsWire and amit baruah

ප්‍රවෘත්ති වෙබ් අඩවිද මෙම වාර්තාව බෙදාගෙන ඇති බව අපට පෙනී ගියේය. එවැනි පළ කිරීම් මෙතැනින් සහ මෙතැනින්.

කරුණු පරික්ෂා කිරීම (Fact check/Verification)

‘ජල සැපයුම’, ‘මහින්ද රාජපක්ෂ’ සහ ‘විජේරාම නිල නිවස’ යන වචන සමඟ මූල පද සෙවීමකදී (keyword search) අපට ප්‍රවෘත්ති සටහන් කිහිපයක් හමු විය. ඒවා විජේරාම මාවතේ පිහිටි රාජපක්ෂගේ නිල නිවසට ජල සැපයුම කපා හැර නොමැති බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කරන ලද පැහැදිලි කිරීමක් ඇතුළත් විය. එවැනි සටහන් මෙතැනින්:

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල Facebook පිටුවේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කරන ලද ප්‍රකාශයක් ද අපට හමු විය:

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇති පුවත සාවද්‍ය වේ. මෙම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා අද දින ජල සැපයුම විසන්ධීකර ඇත. නමුත් එම ස්ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි නිල නිවස නොවේ…

අදාල ස්ථානයේ හිඟ මුදල් ගෙවීම් කරන ලෙස මෙම මණ්ඩලයේ නිළධාරීන් අවස්ථා කිහිපයකදීම ලිඛිතව සහ වාචිකව දැනුම් දී ඇති අතර අද දින ද මණ්ඩලයේ නිළධාරින් එම ස්ථානයට ගොස් හිඟ මුදල් ගෙවීම් කරන ලෙස දැනුම් දී ඇත. සිඟ මුදල් නොගෙවීම නිසා අදාල ස්ථානයේ ජල සැපයුම විසන්ධි කරන ලද අතර මේ වන විට අය විය යුතු හිඟ මුදල රු.429,000 ක් පමණ වේ.”

තවද, රාජපක්ෂගේ නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත මෙසේ පැවසීය: “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවසට ජල සැපයුම කපා හැර නොමැති අතර, අදාළ ස්ථානයේ ජල බිල්පත මාස කිහිපයකට පෙර ගෙවා ඇත. ඒ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් 160 කට ආසන්න සංඛ්‍යාවක් එහි රැඳී සිටි බැවින්, මෙතරම් විශාල ජල බිල්පතක් ලැබීම සාමාන්‍ය දෙයක්. එම ස්ථානය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට සම්බන්ධ නොවූවත්, මේ දක්වා එම ස්ථානයේ නඩත්තු කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කර ඇති අතර, බිල්පත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගෙවා ඇත.” මෙම ප්‍රවෘත්ති වාර්තා මෙතැනින් දැක ගත හැකිය.

නිගමනය

විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට ජල සැපයුම අත්හිටුවා ඇති බවට කරන ලද ප්‍රකාශය අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තහවුරු කර තිබේ. රාජපක්ෂගේ නිල නිවස පිටුපස ආරක්ෂක නිලධාරීන් රැඳී සිටි ස්ථානය සඳහා රු. 429,000 ක හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටවූ අතර ජල බිල්පත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගෙවා ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත.

ප්‍රතිඵලය: Missing Context

අපගේ මූලාශ්‍ර

දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති වාර්තාව, 2025 පෙබරවාරි 13
News 1st ශ්‍රී ලංකා YouTube නාලිකාවේ ප්‍රවෘත්ති වීඩියෝව, 2025 පෙබරවාරි 14
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල Facebook පිටුවේ පළ කරන ලද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කරන ලද ප්‍රකාශය, 2025 පෙබරවාරි 13
අද දෙරණ YouTube නාලිකාවේ ප්‍රකාශයට පත් කරන ලද මහින්ද රාජපක්ෂගේ නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශයේ ප්‍රවෘත්ති වීඩියෝව, 2025 පෙබරවාරි 13
News 1st ශ්‍රී ලංකා මහින්ද රාජපක්ෂගේ නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශයේ ප්‍රවෘත්ති වාර්තාව 2025 පෙබරවාරි 13

වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, checkthis@newschecker.in හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.

RESULT
imageMissing context
image
If you would like us to fact check a claim, give feedback or lodge a complaint WhatsApp us at +91-9999499044 or email us at checkthis@newschecker.in​. You can also visit the Contact Us​ page and fill the form.
No related articles found
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
About Us

Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check

Contact Us: checkthis@newschecker.in

83

Fact checks done

FOLLOW US
imageimageimageimageimageimageimage