Friday, January 2, 2026

Fact Check

ජනවාරි 28 ට පෙර ක්‍රියාත්මක කරන ලද ජංගම උපාංගවලට සහ සිම්පත්වලට නව TRCSL IMEI රෙගුලාසි බලපාන්නේ නැත

banner_image

වාර්තාව: ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි කර ඇති IMEI අංකයක් නොමැති ශ්‍රී ලංකාවේ දැනට භාවිතයේ ඇති සියලුම ජංගම උපාංගවලට 2025 ජනවාරි 28 න් පසු ජාල සම්බන්ධතාවය නැති වෙනු ඇත.

කරුණ: මෙම ප්‍රකාශය නොමඟ යවන සුළුය. මෙම IMEI රෙගුලාසි 2025 ජනවාරි 28 න් පසු ශ්‍රී ලංකාවේ භාවිතයට පැමිණෙන නව ජංගම උපාංග සඳහා පමණක් අදාළ වන බව TRCSL පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ඔවුන්ගේ නිල YouTube නාලිකාවේ වීඩියෝවක සඳහන් කළේ ජංගම දුරකථන, ඩොන්ගල්, ටැබ්ලට් සහ ඩ්‍රෝන යානා ඇතුළු ජංගම සන්නිවේදන උපාංග පැහැදිලි ජාත්‍යන්තර ජංගම උපකරණ හැඳුනුම්පත් (IMEI) අංකයක් සමඟ TRCSL හි ලියාපදිංචි කළ යුතු බවයි. මෙම රීතිය 2025 ජනවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන බවත්, රීතිය විදේශයන්හි මිලදී ගෙන ඇති උපාංග භාවිතය වළක් වීමට ගෙන එන ලද බවත් TRCSL සඳහන් කළේය.

IMEI අංකයක් යනු එක ජංගම උපාංගයකට පවරා ඇති අනන්‍යතා අංකයක් වන අතර එය එක් එක් ජංගම උපාංගයට අනන්‍ය වේ. සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්නා උපාංග, එම උපාංග පාරිභෝගිකයින් වෙත ළඟා වීමට පෙර, විශේෂ බලපත්‍රයක් හරහා TRCSL සමඟ ලියාපදිංචි කර ඇති IMEI සමඟ එනු ඇත.

TRCSL වීඩියෝව YouTube හි පළවුණු දා සිට, මෙම රීතිය ජනවාරි 28 ට පෙර මිලදී ගෙන, භාවිතා කළ සියලුම ජංගම උපාංගවලට බලපාන බවට සමාජ මාධ්‍යවල, විශේෂයෙන් Facebook සහ X හි නොමග යවන සුළු තොරතුරු සංසරණය වෙමින් පවතී.

TRCSL IMEI රීතිය ජනවාරි 28 ට පෙර මිලදී ගෙන, භාවිතා කළ සියලුම ජංගම උපාංගවලට බලපාන බව ප්‍රශ්න කරන Facebook සටහනක්
Screenshot from Facebook post
TRCSL IMEI රීතිය ජනවාරි 28 ට පෙර මිලදී ගෙන, භාවිතා කළ සියලුම ජංගම උපාංගවලට බලපාන බව කියන Facebook සටහනක්
Screenshot from Facebook post
TRCSL IMEI රීතිය ජනවාරි 28 ට පෙර මිලදී ගෙන, භාවිතා කළ සියලුම ජංගම උපාංගවලට බලපාන බව කියන Facebook සටහනක්
Screenshot from Facebook post

එවැනි සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, සහ මෙතැනින්.

මෙම ප්‍රකාශයන් පුරවැසියන් අතර අනවශ්‍ය කලබලයක් ඇති කර ඇති අතර, නව රීතියට අනුව ජනවාරි 28 න් පසු තමන්ට නව උපාංග මිලදී ගැනීමට සිදුවන බව බොහෝ දෙනෙකු විශ්වාස කරයි.

කරුණු පරීක්ෂා කිරීම (Fact Check/Verification)

Newschecker කණ්ඩායම මුලින්ම මෙම කාරණය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා දෙස බැලීය. ජනවාරි 29 වන දින සිට නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවත්, IMEI අංකයක් සහිත ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක, ඩොන්ගල් වැනි සිම් කාඩ්පත් සහිත උපාංග TRCSL විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් ඇති වෙළෙන්දන්ගෙන් පමණක් මිලදී ගැනීමට මහජනතාවට දැනුම් දෙන බවත් වාර්තාවල දැක්වේ. ජනවාරි 29 වන දින සිට බලපැවැත්වෙන පරිදි, TRCSL ලියාපදිංචි නොකළ IMEI සහිත ශ්‍රී ලංකාවේ භාවිතයට පැමිණෙන නව ජංගම උපාංග විදුලි සංදේශ ක්‍රියාකරුවන්ගේ ජාලවල ක්‍රියාකාරී නොවනු ඇත.

“ජනවාරි 28 වන දිනට පෙර විදුලි සංදේශ ක්‍රියාකරුවන්ගේ ජාලවලට සම්බන්ධ කර ඇති IMEI-සක්‍රීය RF-විමෝචන උපාංග සඳහා මෙම අවශ්‍යතාවය අදාළ නොවේ,” යනුවෙන් ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක් ද වාර්තා කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් සඳහා අපි TRCSL විසින් නිකුත් කරන ලද YouTube වීඩියෝව දෙසද බැලුවෙමු.

නව ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර සඳහන් කරමින්, TRCSL හි ප්‍රධානී එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා පැවසුවේ, TRCSL විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් නොමැතිව මෙම නිෂ්පාදන බොහෝ විට අලෙවි කළ අතරමැදි විකුණුම්කරුවන් විසින් සිදු කරන ඕනෑම වංචාවකින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම නව රෙගුලාසියේ අරමුණ බවයි.

“මෙම ක්‍රමවේදය තුළ කිසිම ආකාරයකින් දැනට භාවිතා කරන කිසිදු ජංගම දුරකථනයක් අවහිර නොවන අතර, ඒ වගේම අප රටට පැමිණෙන සංචාරකයින්ට රට තුළ දුරකථන භාවිතා කිරීමේදී කිසිදු අපහසුතාවයකට පත්වීමක් සිදුවන්නේ නෑ,” ඔහු තවදුරටත් පැවසුවේ ජනවාරි 28 ට පෙර භාවිතයේ තිබූ උපාංගවලට නව නීතියෙන් බලපෑමක් සිදු නොවන බව තහවුරු කරමිනි.

නිගමනය

නව TRCSL ප්‍රතිපත්තිය හේතුවෙන් ජනවාරි 29 සිට TRCSL වලංගු IMEI නොමැතිව අලුතින් මිලදී ගත් උපාංගවලට පමණක් බලපානු ඇත. දැනටමත් භාවිතයේ පවතින උපාංගවලට 2025 ජනවාරි 28 න් පසුවත් බලයලත් සේවා සපයන්නන් හරහා ජාල සම්බන්ධතාවය දිගටම පවතිනු ඇත.

ප්‍රතිඵලය: Missing Context

අපගේ මූලාශ්‍ර

‘අනිවාර්ය IMEI ලියාපදිංචිය’ යන මාතෘකාව යටතේ පුවත්පත් ලිපිය, ඩේලි මිරර් LK, 2025 ජනවාරි 21
TRCSL ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් විසින් නියාමනය පැහැදිලි කරන වීඩියෝව, TRCSL හි YouTube නාලිකාව, 2025 ජනවාරි 10

වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, checkthis@newschecker.in හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.

image
If you would like us to fact check a claim, give feedback or lodge a complaint WhatsApp us at +91-9999499044 or email us at checkthis@newschecker.in​. You can also visit the Contact Us​ page and fill the form.
No related articles found
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
About Us

Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check

Contact Us: checkthis@newschecker.in

83

Fact checks done

FOLLOW US
imageimageimageimageimageimageimage