Friday, January 2, 2026

Politics

වත්මන් ජනාධිපතිවරයාට සහ අගමැතිනියට රට බේරාගත නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළාද?

Written By Pramodha Weerasekera
Oct 9, 2024
banner_image

වාර්තාව: වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ අගමැති හරිනි අමරසූරියට රට බේරාගත නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

කරුණ: නොමඟ යවන සුළුය. දිසානායකට හෝ අමරසූරියට රට බේරා ගැනීමට ඇති හැකියාව ගැන කුමාරතුංග අදහස් දක්වන්නේ නැත. 1956 සිට තම පියා කළ වැඩ දිසානායක, අමරසූරිය වැනි පුද්ගලයින්ට අද දේශපාලනයට පැමිණීමට ඉවහල් වූ බව ඇය පවසයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් TikTok හි වයිරල් වෙමින් තිබේ.

සිංහලෙන් TikTok එකේ පාඨය කියවෙන්නේ, “අනුරට හරිනිට රට කරන්න බැහැ. ගමේ කොල්ලෝ බලයට ආවේ 56 පෙරලිය හින්දා. හිටපු ජනපති චන්ද්‍රිකාගේ කුහක කතාව.”

Screenshot of viral video on TikTok

රට ආර්ථික අර්බුදයකින් බේරා ගැනීමට දිසානායකට සහ අමරසූරියට ඇති හැකියාවන් ගැන කුමාරතුංගට අවිනිශ්චිත බව TikTok එක අවධාරනය කරයි. එම වීඩියෝව ඇයගේ පියා හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ගුණ සමරුව යෙදී ඇති 2024 සැප්තැම්බර් 26 වැනිදා කුමාරතුංග දානමය පිංකමෙන් පිටව යන විට ලබා ගත්තකි.

සැප්තැම්බර් 23 වැනිදා දිසානායක නව ජනපති බවට තේරී පත් වූ විට කුමාරතුංග ඔහුගේ නව උත්සාහයට සුබ පැතුම් එවා ඇති බව ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය වාර්තා කිරීමෙන් ඉක්බිතිව මෙය ප්‍රසිද්ධියට පත් වූ බැවින් Newschecker මෙම වයිරල් ප්‍රකාශයේ සත්‍ය බව පරීක්ෂා කිරීමට තීරණය කළේය. එවැනි මාධ්‍ය වාර්තා මෙතැනින්, මෙතැනින්, සහ මෙතැනින්.

කරුණු පරීක්ෂා කිරීම (Fact Check/Verification)

1956 සිට තම පියාගේ දේශපාලන වැඩ නිසා පවුල් උරුමයක් හෝ පරම්පරාගත ධනයක් නොමැතිව දේශපාලනයට එක්විය හැකි දේශපාලන සංස්කෘතියක් ලංකාවේ නිර්මාණය වී ඇති බව ඇය පවසන බව කුමාරතුංගගේ වචනවලට හොඳින් සවන් දුන් Newschecker කණ්ඩායමට වැටහුණි. ඇය පවසන්නේ “1956 සිදු වූ දේ දැනගෙන අනුරට සහ හරිනිට රට ගොඩනගන්න පුළුවන් නම් එය ඉතා හොඳයි” යනුවෙනි.

ඇයගේ වචන තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා Newschecker කණ්ඩායම ‘ජනාධිපති’, ‘අනුර කුමාර දිසානායක’, ‘හරිනි අමරසූරිය’ සහ ‘චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග’ යන වචන සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මූල පද සෙවීමක් (keyword search) කළේය.

2024 සැප්තැම්බර් 30 වැනි දින ඇය විසින් කරන ලද මාධ්‍ය හමුවක් අපට හමු විය. එහිදී ඇය තමන් විසින් 26 වනදා කියන ලද වචන වැරදි ලෙස අර්ථකථනය කළ ඇති බව පැහැදිලි කරයි. වීඩියෝවේ තත්පර 50ක දී ඇය පවසන්නේ තමන් කිසිවිටකත් ග්‍රාමීය සහ දිළිඳු පසුබිමක පුද්ගලයන් ගැන නරක කතා නොකරන බවයි. 1956 දී දේශපාලනයට පිවිසීමට එවැනි පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා තම දෙමාපියන්ගේ දායකත්වය ඉස්මතු කිරීම පමණක් ඇගේ අදහස වූ බවත්, නව ජනාධිපතිට සහ අගමැතිට ඇයගේ සුභ පැතුම් පිරිනමන බවත් ඇය පවසයි.

YouTube video of press briefing by Kumaratunga on September 30, 2024

නිගමනය

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ අගමැති හරිනි අමරසූරියට රට බේරාගත නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළා යැයි කියන TikTok ප්‍රකාශය නොමඟ යවන සුළුයි.

ප්‍රතිඵලය: නොමඟ යවන සුළු / Missing context

අපගේ මූලාශ්‍ර

2024 සැප්තැම්බර් 25 දිනැති ලංකාදීප පුවත් වාර්තාව
2024 සැප්තැම්බර් 25 දිනැති SL Leader හි ප්‍රවෘත්ති වාර්තාව
2024 සැප්තැම්බර් 25 දිනැති Lanka Truth හි ප්‍රවෘත්ති වාර්තාව
2024 සැප්තැම්බර් 30 දිනැති මාධ්‍ය සාකච්ඡාවේ හිරු ප්‍රවෘත්ති වාර්තාව

වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, checkthis@newschecker.in හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.

image
If you would like us to fact check a claim, give feedback or lodge a complaint WhatsApp us at +91-9999499044 or email us at checkthis@newschecker.in​. You can also visit the Contact Us​ page and fill the form.
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
About Us

Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check

Contact Us: checkthis@newschecker.in

83

Fact checks done

FOLLOW US
imageimageimageimageimageimageimage