Friday, January 2, 2026

Fact Check

මාවීරර් නාල් උත්සවයක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව පෙන්වන වයිරල් ඡායාරූපය ශ්‍රී ලංකාවෙන් නොවේ

banner_image

වාර්තාව: ශ්‍රී ලංකාවේ ගත් මාවීරර් නාල් විශේෂ සැමරුමක ඡායාරුපයක්

කරුණ: මෙම ප්‍රකාශය නොමඟ යවන සුළුය. මෙම විශේෂ සැමරුම සිදුවූයේ එක්සත් රාජධානියේ මිස ශ්‍රී ලංකාවේ නොවේ.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (Liberation Tigers of Tamil Eelam/ එල්.ටී.ටී.ඊ.) හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සුදු තිරයක් මත ප්‍රක්ෂේපණය කර ඇති රූපයක් වටා පිරිසක් රැස්ව සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බෙදා ගනිමින් සිටී. මෙම පින්තූරයේ සිංහල පාඨය කියා ඇත්තේ “අවුරුදු 15කට පසු… මෙම පාපතරයාගේ රුව ප්‍රසිද්දියේ… මේ පොලව මත ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදාකරදුන් 69 ලක්ෂයේ… එකෙක් නොවීම ගැන පට්ට ආඩම්බරයි,” යනුවෙනි.

X (Twitter) හි රූපය බෙදා ගනිමින් @DushanSenaratne ලිවීය: “ඇත්තටම ආඩම්බරයි – දේශපාලන වහලෙක් නොවී, රට පාවා නොදුන්න එක ගැන.”

Facebook සහ X හි රූපය බෙදා ගන්නා බොහෝ පරිශීලකයින් අපට හමු විය. කිහිපයක් මෙහි සහ මෙහි සොයා ගත හැක.

මාවීරර් නාල් යනු කුමක්ද?

සිවිල් යුද්ධයෙන් ඇති වූ ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ අතුරුදහන්වීම් සහ මරණ සිහිපත් කිරීම සඳහා මාවීරර් නාල් සමරන අතර, එය සෑම වසරකම නොවැම්බර් 27 දිනට සමගාමීව පැවැත්වේ. 2009 වසරේ සිට, මාවීරර් නාල් සම්බන්ධ සිදුවීම් සහ සැමරුම් පිළිබඳ විවිධ රජයන් මේ සම්බන්ධයෙන් විවිධ ස්ථාවරයන් ගෙන ඇති අතර ඇතැමුන් මහජන සාමයට සහ සහජීවනයට බාධාවක් නොවන තාක් සැමරුම්වලට ඉඩ දෙන බව තීරණය කර ඇත. 2024 දී වත්මන් රජය ද එම ස්ථාවරය ගත් හ.

2024 නොවැම්බර් 23 වන දින මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ, මාවීරර් නාල් සැමරුම සඳහා ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ ලාංඡන, නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් උත්සව පැවැත්වීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි. යුද්ධයෙන් සහ ජනවාර්ගික ගැටුමෙන් මියගිය තම ආදරණීයයන් සිහිපත් කිරීමට සිවිල් වැසියන්ට සම්පූර්ණ ඉඩ ඇති බව එම ප්‍රකාශයේම ඔහු පැවසීය.

එතැන් සිට බොහෝ ප්‍රවෘත්ති ආයතන විවිධ මාවීරර් නාල් අනුස්මරණ සිදුවීම් පිළිබඳව වාර්තා කර ඇත. මෙහි සොයා ගත හැක.

කරුණු පරීක්ෂා කිරීම (Fact Check/Verification)

Newschecker කණ්ඩායම ප්‍රථමයෙන් ඡායාරූපයේ ප්‍රතිලෝම රූප සෙවුමක් (reverse image search) කළ අතර එය ප්‍රථම වරට එක්සත් රාජධානියේ ඩාර්ට්ෆෝර්ඩ් හි Dartford Tamil Knowledge Centre (ඩාර්ට්ෆෝර්ඩ් දෙමළ දැනුම මධ්‍යස්ථානය) නම් පාසල විසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ සහ ෆේස්බුක් හි පළ කර ඇති බව දුටුවේය.

මාවීරර් නාල් උත්සවයක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව පෙන්වන වයිරල් ඡායාරූපය ශ්‍රී ලංකාවෙන් නොවේ
Screenshot from the Dartford Tamil Knowledge Centre’s Facebook page

වෙබ් අඩවියේ ප්‍රවෘත්ති අංශයට අනුව වසර ගණනාවක් තිස්සේ පාසල සිය ශිෂ්‍ය ප්‍රජාව සමඟ මාවීරර් නාල් සැමරීම සිදුකරන බව පෙනී යයි. මෙම සැමරුම් සාමකාමී ස්වභාවයකින් යුක්ත වන අතර, හින්දු ආගමට අනුව සහ ශ්‍රී ලාංකික දෙමළ ජනයා විසින් අනුගමනය කරනු ලබන අනෙකුත් සිරිත් විරිත්වලට අනුව මළවුන් සිහිපත් කිරීමේ ඇතැම් චාරිත්‍ර Dartford Tamil Knowledge Centre පවත්වයි.

මීට අමතරව, Newschecker කණ්ඩායම සිංහලෙන් ග්‍රැෆික් එක මත ලක්ෂ 69 ක ජනතාවක් පිළිබඳ ඇති සඳහන සලකා බැලුවෙමු. ශ්‍රී ලංකාවේ සිදු වන ප්‍රභාකරන්ගේ සැමරුම් සඳහා එවැනි නිශ්චිත පිරිසක් සහාය දක්වන බව ග්‍රැෆික් එක ඇඟවුම් කරයි. 2019 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අදාළව එම සංඛ්‍යාව ලක්ෂ 69කි. රාජපක්ෂ පාලනයේ නීතිපතිවරයාගේ මාර්ගෝපදේශයන්ට අනුව මුලතිව් සහ යාපනය ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවල සැමරුම් තහනම් විය. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

නමුත් මෙම 69 ලක්ෂය සහ 2024 මාවීරර් නාල් සැමරුම් අතර කිසි සම්බන්ධයක් නොමැත. මේ අනුව අපට පෙනී යන්නේ සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වන වයිරල් රූපය ශ්‍රී ලංකාවේ මාවීරර් නාල උත්සවයකින් නොව එක්සත් රාජධානියෙන් ලබා ගත් එකක් බවයි.

නිගමනය

මේ අනුව, වේළුපිල්ලේ ප්‍රභාකරන් සමරන ශ්‍රී ලංකාවේ මාවීරර් නාල් උත්සවයක රූපයක් පෙන්වන බවට ප්‍රකාශ කරන වයිරල් ඡායාරූපය නොමඟ යවන සුළු බව පැහැදිලිය. එම රූපයේ සිදුවීම සිදුවූයේ එක්සත් රාජධානියේය.

ප්‍රතිඵලය: Missing Context

අපගේ මූලාශ්‍ර

Dartford Tamil Knowledge Centre හි ෆේස්බුක් පිටුව
Dartford Tamil Knowledge Centre හි වෙබ් අඩවිය
මාවීරර් නාල් සැමරුම තහනම් කිරීම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, ලංකා සර (Lanka Sara), 2020 නොවැම්බර් 25
මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් කරන ලද මාවීරර් දින සැමරුම පිළිබඳ ප්‍රකාශය, News Centre, 2024 නොවැම්බර් 23

image
If you would like us to fact check a claim, give feedback or lodge a complaint WhatsApp us at +91-9999499044 or email us at checkthis@newschecker.in​. You can also visit the Contact Us​ page and fill the form.
No related articles found
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
About Us

Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check

Contact Us: checkthis@newschecker.in

83

Fact checks done

FOLLOW US
imageimageimageimageimageimageimage