Friday, January 2, 2026

Fact Check

ගණේමුල්ල සංජීව ඝාතන සැකකරු STF නිලධාරීන් සමඟ සිටින වයිරල් වීඩියෝව AI

banner_image

Claim

image

Testing clainms

Fact

image

TEstinf fact

වාර්තාව: ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු STF නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක යෙදී සිටිනු දක්නට ඇති වීඩියෝවක්.

කරුණ: වයිරල් වීඩියෝව AI යොදා ගෙන නිර්මාණය කරන ලද්දකි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු 2025 පෙබරවාරි 19 වන දින විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් ටික කලකට පසු, සමාජ මාධ්‍යවල වීඩියෝවක් සංසරණය වීමට පටන් ගත් අතර, ඔහු STF නිලධාරීන් සමඟ සිනාසෙමින් සුහද සංවාදයක යෙදෙන ආකාරය වීඩියෝව පෙන්නුම් කරයි.

Testing >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Testing …….. > >> ……………………………………………………………………

>>>>>>>>> test afea

ගණේමුල්ල සංජීව
Screenshot from YouTube video

CCTV Sri Lanka 01 නම් YouTube නාලිකාවක් විසින් ‘ගනේමුල්ල සංජීවකගේ වෙඩික්කරු’ යන ශීර්ෂ පාඨය සහිතව මෙම වීඩියෝව පළමුවෙන් පළ කර ඇත.

එම වීඩියෝව ම @tikuu_2024 නම් වූ TikTok ගිණුමක් “ලංකාවෙ කෙල්ලන්ගේ Crush එක 🥹♥️” යන ශීර්ෂ පාඨය සහිතව ඊට පසුව පළ කර ඇත.

“කඩවසම් මිනීමරු කුමාරයා,” “ගනේමුල්ල සංජීවව උසාවියේදී මරා දැමූ පිරිමි ළමයා,” සහ “අනන්තෙන් ආ තරු කුමරා” වැනි ශීර්ෂ පාඨ සහිතව මෙම වීඩියෝව TikTok හි වයිරල් වෙමින් පවතී. එවැනි උදාහරණ මෙතැන, මෙතැන, මෙතැන, මෙතැන, මෙතැන සහ මෙතැන සොයාගත හැකිය.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය

පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් “ගනේමුල්ල සංජීව” 2025 පෙබරවාරි 19 වන දින උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කරන ලදී. වෙඩි තැබීමෙන් ඇති වූ බරපතල තුවාල හේතුවෙන් ඔහු පසුව මිය ගියේය.

මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු එදින සවස පුත්තලම පාලවිය ප්‍රදේශයේදී STF කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය දන්වා සිටියහ.

කරුණු පරික්ෂා කිරීම (Fact Check/Verification)

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝව සත්‍යද යන්න තහවුරු කර ගැනීම සඳහා, ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය නාලිකාවල, සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවෘත්ති වාර්තා අපි පරීක්ෂා කළෙමු. මෙම වාර්තාවල සැකකරුගේ රූප ඇතුළත් නමුත් වයිරල් වීඩියෝව අපට සොයාගැනීමට බැරි විය.

වයිරල් වීඩියෝවේ සමහර අමුතු අංග අපට දක්නට ලැබුණි. දොර විවෘතව තිබියදී වාහනය ඉදිරියට ගමන් ගන්නා බවක්, මුහුණුවල සහ අත්වල සැක සහිත බවක්, සහ අසාමාන්‍ය ලෙස අපැහැදිලි ලක්ෂණ අපට දක්නට ලැබුණි. වීඩියෝවේ සොයා ගත හැකි ශරීරයක්, අමතර අත්, සහ ස්පැගටි (spaghetti) මෙන් ගලා යන ඇඟිලි පැහැදිලිවම පෙන්නුම් කරන්නේ වීඩියෝව AI යොදා ගෙන නිර්මාණය කරන ලද්දක් බවයි.

Newschecker කණ්ඩායම කොටසක් වන The Misinformation Conbat Alliance (MCA) හි ඩීප්ෆේක් (deepfake) විශ්ලේෂණ ඒකකය (DAU), ‘Contrails AI’ හරහා වීඩියෝ දර්ශන පරීක්ෂා කළ අතර, එමඟින් වීඩියෝව AI යොදා ගෙන නිර්මාණය කරන ලද්දක් බව තහවුරු විය.

video
Report from the DAU

අලුත්කඩේ වෙඩි තැබීමේ සැකකරුගේ සමාජ මාධ්‍යවල බෙදාගත් සමහර රූප සැබෑ නොවන බවත්, ඒවා AI තාක්ෂණය භාවිතයෙන් සංස්කරණය කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද 2025 පෙබරවාරි 21 වන දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ප්‍රකාශ කළේය.

නිගමනය

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු STF නිලධාරීන් සමඟ මිත්‍රශීලී සාකච්ඡාවක යෙදෙන බව පෙන්වන වීඩියෝව AI යොදා ගෙන නිර්මාණය කරන ලද්දකි.

ප්‍රතිඵලය: සංස්කරණය කරන ලද මාධ්‍ය (Altered Media)

අපගේ මූලාශ්‍ර

ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය
DAU විශ්ලේෂණ වාර්තාව
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රකාශය, DailyMirror YouTube නාලිකාව, 2025 පෙබරවාරි 21

වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, checkthis@newschecker.in හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.

RESULT
imageAltered media
image
If you would like us to fact check a claim, give feedback or lodge a complaint WhatsApp us at +91-9999499044 or email us at checkthis@newschecker.in​. You can also visit the Contact Us​ page and fill the form.
No related articles found
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
About Us

Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check

Contact Us: checkthis@newschecker.in

83

Fact checks done

FOLLOW US
imageimageimageimageimageimageimage