Friday, January 2, 2026

Fact Check

ශ්‍රී ලංකාව එහි ප්‍රථම ටොනේඩෝවට මුහුණ දුන්නාද? වයිරල් වීඩියෝව පිටුපස ඇති සත්‍යය මෙන්න

banner_image

වාර්තාව: ශ්‍රී ලංකාව මේ දිනවල එහි ප්‍රථම ටොනේඩෝවට මුහුණ දුන් බව ප්‍රකාශ කරන වයිරල් වීඩියෝ දර්ශන

කරුණ: මෙම වීඩියෝ දර්ශන අසත්‍ය වේ. ශ්‍රී ලංකාව මේ දිනවල එහි පළමු ටොනේඩෝවට මුහුණ දුන්නේ නැත.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු හඳුනා ගත නොහැකි වෙරළ තීරයකට ඔබ්බෙන් ඇති සුළි කුණාටුවක් ලෙස පෙනෙන වීඩියෝ දර්ශනයක්, “Tornado first time in Sri Lanka” (ශ්‍රී ලංකාවේ පළමු වරට ටොනේඩෝ) යන ශීර්ෂ පාඨය සමඟ බෙදා ගනිමින් සිටිති.

TikTok හි මෙම වීඩියෝ දර්ශන බෙදාගත් බොහෝ අය අතර @vlogstart ද විය. ඔහු මෙසේ සිංහලෙන් ලියා ඇත: “ලංකාවට තවත් අනතුරක්ද ටොනාඩෝවල බලපෑම!”

Screenshot of TikTok by @vlogstart

ප්‍රධාන වශයෙන් YouTube, TikTok සහ Facebook හි මෙම සමාජ මාධ්‍ය පළ කිරීම් අපි දුටුවෙමු. බොහෝ පරිශීලකයින් එකම දර්ශන ගිගුරුම් සහිත ශබ්ද සහ පුද්ගලයින්ගේ කෑගැසීම් පසුබිමට සංස්කරණය කර ඇති බව ද Newschecker කණ්ඩායම දුටුවේය. සමාන ස්වභාවයේ සමාජ මාධ්‍ය වාර්තා මෙහි, මෙහි, මෙහි, සහ මෙහි සොයාගත හැකිය.

කරුණු පරීක්ෂා කිරීම (Fact Check/Verification)

මේ දිනවල ලංකාවේ කාලගුණය මොන වගේද?

Newschecker කණ්ඩායම මුලින්ම ලංකාවේ දැනට පවතින කාලගුණ තත්ත්වය ගැන වාර්තා සොයා බැලුවෙමු. 2024 නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 28, 29 සහ 30 යන දිනවල ගිගුරුම් සහිත වැසි, වැසි සහ තද සුළං ඇතුළු කාලගුණික තත්ත්වයන් සඳහා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

ත්‍රිකුණාමලයට කිලෝමීටර් 130ක් ඊසාන දෙසින් සහ මුලතිව් සිට කිලෝමීටර් 150ක් නැගෙනහිරින් පිහිටි නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ. එය සෙමින්, උතුරු-වයඹ දෙසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කිරීමට ඉඩ ඇති අතර තවදුරටත් තීව්‍ර වීමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.

මෙම ගැඹුරු පීඩන අවපාතය බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුවක් (cyclone) දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව තවත් වාර්තා සඳහන් කළ නමුත්, ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ටොනේඩෝ තත්ත්වයක් ඇති විය හැකි බවක් මෙම වාර්තාවල සඳහන් වී නොමැත. එවැනි වාර්තා මෙතනින් සහ මෙතනින්.

මේ අනුව, පවතින කාලගුණය තුළ ටොනේඩෝවක් පිළිබඳ වාර්තා නොමැති බව Newschecker කණ්ඩායම නිගමනය කළේය.

වයිරල් වීඩියෝවේ රාමු කිහිපයක ප්‍රතිලෝම රූප සෙවීම් (reverse image search) හරහා, වීඩියෝව උතුරේ පේදුරුතුඩුව වෙරළේ සිට ලබා ගනනක් බව බව අපට පෙනී ගියේය. එය මුලින් පළ කරන ලද්දේ 2022 නොවැම්බර් 9 වන දින පේදුරුතුඩුව වෙරළට කැප වූ Facebook පිටුවක වන අතර, 2022 ඔක්තෝම්බර් 30 වැනි දින එම දර්ශන ලබා ගත් බව ද එහි සඳහන් වේ. මෙම වීඩියෝවේ දෙමළ භාෂාවෙන් මිනිසුන් කතා කරන ශබ්ද ඇති නමුත් වයිරල් දර්ශනවල මෙන් ගිගුරුම් හෝ මිනිසුන්ගේ කෑගැසීම් නැත. සම්පූර්ණ වීඩියෝව මෙතනින් සහ මෙතනින්.

Screenshot from original Facebook post/video

සත්‍ය දර්ශන සමීපව විශ්ලේෂණය කිරීමේදී, එය ප්‍රකාශ කරන පරිදි ටොනේඩෝවක් නොව ජල පහරක (water spout) දර්ශන බව අපට පෙනී ගියේය. මෙම දර්ශන අනෙකුත් ජල පහර වීඩියෝවලට සමාන අතර, ඒවා හානිකර නොවන රටේ වෙරළ තීරයේ නිතිපතා වන සිදුවීමක් වේ. උදාහරණයක් ලෙස, 2023 සැප්තැම්බර් 22 වැනි දින බස්නාහිර පළාතේ බම්බලපිටිය ප්‍රදේශයේ මෙවැනිම ජල පහරක් පිළිබඳව මාධ්‍ය වාර්තා කළේය. එවැනි වාර්තා මෙතනින්.

ජල පහරක් සහ ටොනේඩෝවක් අතර වෙනස කුමක්ද?

මයිකල් බ්‍රැනික්ගේ The Comprehensive Glossary of Weather (විස්තීර්ණ කාලගුණ පාරිභාෂික ශබ්දකෝෂය) ට අනුව, ජල පහරක්,

“සාමාන්‍යයෙන් Cb හෝ කුළුණු වලාකුළකට යටින් ජලය මතින් කුඩා, සාපේක්ෂව දුර්වල භ්‍රමණය වන වායු තීරුවකි. ඝර්ම කලාපීය හෝ උපනිවර්තන ජලයට ඉහළින් ජලධාරා බහුලව දක්නට ලැබේ.”

අනෙක් අතට ටොනේඩෝ,

“පොළොව සමඟ ස්පර්ශ වන සහ ගිගුරුම් සහිත කුණාටුවක පාමුල සිට විහිදෙන ප්‍රචණ්ඩ ලෙස භ්‍රමණය වන වායු තීරුවක්. සුළි කුණාටුවක් පැවතීම සඳහා ඝනීභවන පුනීලයක් බිමට ළඟා වීමට අවශ්‍ය නොවේ; ඝනීභවනය වන පුනීලයක් නොමැති විට පවා, ටොනේඩෝවක් පවතින බව තහවුරු කිරීමට අවශ්‍ය වන්නේ ගිගුරුම් සහිත වැස්සකට යටින් ඇති සුන්බුන් වලාකුළකි.”

නිගමනය

මේ අනුව, ශ්‍රී ලංකාවේ සුළි කුණාටුවක් පෙන්වන බව කියන වෛරස් වීඩියෝව පැරණි බවත්, ඇත්ත වශයෙන්ම 2022 දී පේදුරුතුඩුවේ සිදු වූ ජල පහරක් පෙන්නුම් කරන බවත් පැහැදිලිය.

ප්‍රතිඵලය: අසත්‍ය

අපගේ මූලාශ්‍ර

බෙංගාල බොක්කෙහි ගැඹුරු පීඩන අවපාතයක් හේතුවෙන් දැඩි කාලගුණික තත්ත්වයන් පිළිබඳ රතු අනතුරු ඇඟවීම, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, 2024 නොවැම්බර් 28
ශ්‍රී ලංකාවේ දරුණු කාලගුණික තත්ත්වය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, මව්බිම, 2024 නොවැම්බර් 26
ශ්‍රී ලංකාවේ දරුණු කාලගුණික තත්ත්වය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, BBC News Sinhala, 2024 නොවැම්බර් 25
බම්බලපිටියේ දක්නට ලැබුණු ජල පහර පිළිබඳ පුවත් වාර්තාව, HiruNews, 2023 සැප්තැම්බර් 23
The Comprehensive Glossary of Weather (විස්තීර්ණ කාලගුණ පාරිභාෂික ශබ්දකෝෂය), මයිකල් බ්‍රැනික්, www.geographic.org

වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, checkthis@newschecker.in හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.

image
If you would like us to fact check a claim, give feedback or lodge a complaint WhatsApp us at +91-9999499044 or email us at checkthis@newschecker.in​. You can also visit the Contact Us​ page and fill the form.
No related articles found
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
About Us

Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check

Contact Us: checkthis@newschecker.in

83

Fact checks done

FOLLOW US
imageimageimageimageimageimageimage